26 March 2025


සංවිධානාත්මක අපරාධ මැඩලීමට නව STF සමාජිකයන් 500ක්



සංවිධානාත්මක අපරාධ හා අනෙකුත් නීති විරෝධී ක්‍රියා මර්දනයට අලුතින් බඳවා ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකා (STF) සමාජිකයන් 500ක් යෙදවීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ එම නව සමාජිකයන් ඉතා ඉක්මනින් සිය පාඨමාලා නිමා කර සේවයට වාර්තා කරන බවයි.

මේ අතර දකුණු පළාතේ සිදු කරන වෙඩි තැබීමේ සිද්ධි පාලනය සඳහා පොලිස් කණ්ඩායම් 04ක් යොදවා තිබෙනවා.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා අම්බලන්ගොඩ ප්‍රදේශයටද විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)