colombotimes.lk
සිංහල | English

30 April 2024

රුසියානු භටයින් 50,000ක් මිය යයි



රුසියානු - යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන් යුක්‍රේනයේ දී මිය ගිය රුසියානු හමුදා භටයින් ගණන 50,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දෙරට අතර ගැටුම් ආරම්භ වී මේ වන විට වසර දෙකක් ගත වී තිබෙනවා.

ඒ හේතුවෙන් රුසියානු භටයින්ගේ මරණ සංඛ්‍යාව පළමු වසරට වඩා සියයට 25 කින් වැඩි වී ඇති බවයි සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ.

ඒ අනුව දෙවැනි වසර තුළදී රුසියානු භටයින් 27,300ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)