පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිළධාරීන් 51දෙනෙක් සහකාර පොලිස් අධිකාරී ධූරය දක්වා උසස් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ තරග විභාගයකින් අනතුරුව මේ වසරේ මාර්තු 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පොලිස් පරීක්ෂකවරුන් සහකාර පොලිස් අධිකාරී ධූරය දක්වා උසස් කර ඇති බවයි.
මේ සදහා උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක යන ශ්‍රේණිවල කටයුතු කළ නිළධාරීන් සහ නිළධාරිනියන් ඇතුළත් වන බවද එම කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)