ඇමරිකානු තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය විරෝධතාවක නිරත වී තිබෙනවා.
ඒ කටුනායක නිදහස් වෙළද කලාප ප්‍රධාන පිවිසුම ඉදිරිපිටදීයි.
ඇමරිකාව විසින් තීරුබදු ඉහළ නැංවීමේ තීරණය හේතුවෙන් ඇගලුම් සේවකයන්ට වසර ගණනාවක සිට හිමි වූ වරප්‍රසාද කප්පාදු කිරීමට ආයතන පරිපාලනය පියවර ගෙන ඇති බව විරෝධතාවයේ නිරත පිරිස සඳහන් කළා.
ඔවුන් කියා සිටියේ තීරුබදු ඉහළයාමත් සමඟ සේවකයන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් සිදු කළ ද මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
(colombotimes.lk)