31 December 2025

logo

ඉන්දියාව රත් වී 54 ක් මිය යයි



ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් පවතින අධික උෂ්ණත්වයෙන් දින තුනක් ඇතුළත ප්‍රාන්ත වැසියන් 54 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එම ප්‍රදේශයේ වාර්තා වන උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති බව සඳහන්.

තවත් ප්‍රාන්ත වැසියන් 400 ක් රෝහල්ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස පුද්ගල මරණ වාර්තා වීමට යම් එක් රෝගී තත්ත්වයක් හේතු වී තිබේ ද යන්න පිළිබඳ විමර්ශනය කිරීමට ලක්නව් සිට උත්තර් ප්‍රදේශ වෙත කණ්ඩායම් පැමිණ ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් මෙම මරණ බහුතරයකට හෘදයාබාධය සහ පාචනය හේතු වී ඇති බව වාර්තා වී තිබෙනවා.
(colombotimes.lk)