24 February 2025


ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සන්තුස ලියනගේ දිවි ගමනට සමුදෙයි



ප්‍රවීණ රූපවාහිනී සහ ඒකාංගික ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන සන්තුස ලියනගේ මියගොස් තිබෙනවා.

මියයන විට ඔහු 57වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

පවුලේ ආරංචිමාර්ග සඳහන් කළේ ඔහු කලක් රෝගාතුරව සිටි බවයි.   

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන (26) වනදා මාලඹේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)