24 February 2025


ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්



ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාස භාරයේ සිටි මෙම සැකකරුවන් අද (24)අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඉන් අනතුරුව අදාළ සැකකරුවන් තිදෙනා ලබන 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී නියෝග කර තිබෙනවා.

(colombotimes.lk)