13 September 2025

logo

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 666දෙනෙක් අත්අඩංගුවට



දිවයින පුරා ඊයේ (11) දිනයේ සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 27,338දෙනෙක් පරික්ෂා කිරීමෙන් අනතුරුව සැකකරුවන් 666දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස්පතිගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළවයි.

එමෙන්ම ඊට අමතරව අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 16දෙනෙක්, වරෙන්තුකරුවන් 218දෙනෙක් විවෘත වරෙන්තුකරුවන් 156දෙනෙක් සහ බීමත් රියදුරන් 49දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)