13 September 2025

logo

කබීර් හෂීම්ට නව වගකීමක්



දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු කබීර් හෂීම් තේරී පත්වී තිබෙනවා. 

ඒ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම කාරක සභාව අද (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
 
සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන විසින් පිළිවෙළින් යෝජනා කර ස්ථිර කර තිබෙනවා.
 
අනතුරුව කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා සඳහන් කළේ දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින් සියලු සාමාජිකයන්ගේ සහයෝගයෙන් සිය ධූරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි. 

(colombotimes.lk)