13 September 2025

logo

ඇල්ලේ ඛේදවාචකයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ජීවිතය හැරයයි



ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බස් අනතුරින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (12) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවන නාමලී ගමගේ නැමති තංගල්ල නගර සභාවේ සේවිකාවක් බවයි වාර්තා වන්නේ. 

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදු වූ රිය අනතුරෙන් මේ වන විට මියගිය පුද්ගලයන් ගණන 16ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

(colombotimes.lk)