21 January 2026

logo

ඉන්දීය ධීවරයන් 7ක් අත්අඩංගුවට



ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (20) රාත්‍රියේ ඉන්දීය ධීවරයන් 7දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යාපනය කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු එම ඉන්දීය ධීවරයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)