බදුල්ල මහ රෝහල් පරිශ්‍රයේ ස්ථාන කිහිපයක මේ වනවිට විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වනවා.
එයට හේතුව රෝහලේ විදුලි බිල රුපියල් කෝටි 7කට ආසන්න වීම බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ඊයේ (09) දිනයේ දී හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ඉදිරියේ දී රෝහලට සම්පුර්ණයෙන් විදුලිය විසන්ධි වීමේ අවධානමක් පවතින බව රෝහල් බලධාරීන් පවසා සිටියා.
(colombotimes.lk)