ත්‍රීරෝද රථයක් ඊයේ (11) අධික බෑවුමක් සහිත ස්ථානයකදී අඩි 25ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.
ඒ හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිවත්ත ප්‍රදේශයේදීයි.
එම අනතුරෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් රියදුරු සහ එක් මගියෙක් තුවාල ලබා තිබෙනවා.
එමෙන්ම ත්‍රී රෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
ත්‍රීරෝද රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන බව නෝර්වුඩ් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. 


(colombotimes.lk)
