12 January 2026

logo

කෙහෙළිය ඇතුළු සිව්දෙනෙක්ට එරෙහි නඩුවක් කැඳවීමට දිනදෙයි



හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කර තිබෙනවා.

මෙම නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි පෙබරවාරි මස 13වනදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා. 

අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටි කාල සීමාව තුළ සිය පෞද්ගලික කාර්යමණ්ඩලය සඳහා පිටස්තර පුද්ගලයන්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප හා දීමනා තමන්ගේ බැංකු ගිණුම්වලට බැර කරගැනීම තුළින් දූෂණය නැමති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙන බවයි සඳහන් වන්නේ. 

(colombotimes.lk)