22 February 2026

logo

පැරණි නීති හා අණපනත් සංශෝධනය කිරීමට රජයේ තීරණයක්



මෙරටේ දීර්ඝ කාලයක් පවතින විවිධ ක්ෂේත්‍රවලට අදාළ නීති නැවත සලකා බලා සංශෝධනය විය යුතු නීති හා අණපනත් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ රාජ්‍ය නිලධාරින්ට නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ සමාරම්භක සැසියට එක් වෙමින්.

ඇතැම් නීති සරල කර සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් සේවා ලබාදීම සඳහා දැනට පවතින නීති නව මුහුණුවරකින් හඳුන්වා දීමට රජය සැලකිල්ලට ගෙන ඇති බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)