22 February 2026

logo

අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර



අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඇති බලතල අනුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුණු බවයි.

(colombotimes.lk)