22 February 2026

logo

මහීෂ්, දුනිත් සහ ඩිල්ෂාන්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්



2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය මේ වන පැවැත්වෙනවා.

ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් රැස් කර ගත්තා.



(COLOMBOTIMES.LK)