27 January 2026

logo

මත්ද්‍රව්‍ය සැකකරුවන් 728දෙනෙක් අත්අඩංගුවට



'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ ඊයේ (26) සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී පුද්ගලයන් 728දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අද (27) නිකුත් කළ දෛනික වාර්තාවේ මේ බව සඳහන්.

මෙම මෙහෙයුම යටතේ සැකකරුවන් 09දෙනෙකක්ට රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 498ක් ද සිදුකර තිබෙනවා.

එමෙන්ම අදාළ වැටලීම්වලදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 767ක් පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පුනරුත්ථාපනය සඳහා එක් සැකකරුවෙක් යොමු කර ඇති බවයි. 

(colombotimes.lk)