20 December 2025

logo

රජයේ පාසල් සඳහා ගුරුවරුන් 8000ක්



ඉදිරියේ දී රජයේ පාසල් සඳහා ගුරුවරුන් 8000ක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා ප්‍රකාශ කළා. 

ඒ අනුව උපාධිධාරී ගුරුවරුන් 5500ක් සහ දෙවන භාෂා ගුරුවරුන් ලෙස ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට නියමිතයි. 
 
ඊයේ (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
(colombotimes.lk)