20 December 2025

logo

ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූති කරයි



ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිය ස්තුතිය පළ කර තිබෙනවා. 

ඒ ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් සමඟ ඊයේ (19) පැවති දුරකථන සංවාදයකදී, ජනාධිපතිවරයා මෙලෙස අර්බුකාරී අවස්ථාවලදී ශ්‍රී ලංකාව සමඟ රැඳෙමින් නිරන්තර සහාය දැක්වීම පිළිබඳව ඔහු වෙත සිය කෘතඥතාව පළ කර තිබෙනවා. 


(colombotimes.lk)