20 December 2025

logo

හල්දුම්මුල්ලේ පවුල් 6ක් ඉවත් කරයි



හල්දුම්මුල්ල පොලිස් වසමට අයත් මාලදොල පින්නලන්ද කොටසේ පවුල් 06කට අයත් සාමාජිකයන් 11දෙනෙක් අද (20) උදෑසන එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා. 

ඒ ගල් පෙරළීයෑම හේතුවෙන්.

හල්දුම්මුල්ල මාලාදොළ පින්නලන්ද ගම්මානයට ඉහළින් පිහිටි කඳු යායේ තිබූ විශාල ගලක් පහළට පෙරළීයාම නිසා මෙම පිරිස ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. 
 
පොලීසිය සඳහන් කළේ එම පිරිස මේ වන විට ඥාතීන්ගේ නිවාසවල රැදී සිටින බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැමිණ නිරීක්ෂණය කරන තුරු සිය නිවාස වෙත නොඑන ලෙස උපදෙස් ලබා දුන් බවයි.

(colombotimes.lk)