20 December 2025

logo

මහනුවරට සහ නුවරඑළියට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්



දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා තිබෙන අධික වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක 05ක් සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය හෙට (21) පෙරවරු 8.00 දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා 03වන මට්ටමේ රතු නිවේදන නිකුත් කර තිබෙන බවයි.

එමෙන්ම බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා 02වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)