දිවයින පුරා ක්‍රියාත්මක 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයන් 802ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එම මෙහෙයුම මඟින් 791ක් වැටලීම් සිදුකර ඇති බවයි.
එහිදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධව වැටලීම් 588ක් සිදු කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 09දෙනෙක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙන බවයි.
(colombotimes.lk)
