දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම අරමුණු කරගත් 'රටම එකට' ජාතික මෙහෙයුමෙන් දෙසැම්බර් 20 දිනට සැකකරුවන් 945ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඒ අතරින් සැකකරුවන් 16දෙනෙක් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි.
මෙහෙයුම මඟින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 637ක්, හෙරොයින් ග්‍රෑම් 285ක්, ගංජා පැළ කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 432ක් සහ තවත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමඟ සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
(colombotimes.lk)
