21 December 2025

logo

දුම්රිය ප්‍රවේශ පත්‍ර මුදල් ආපසු ගැනීමට ස්ථාන රැසක්



කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පමණක් සීමා වී ඇති දුම්රිය ප්‍රවේශ පත්‍ර මුදල් ආපසු ගෙවීමේ (Ticket Refund) පහසුකම දෙසැම්බර් 25වනදා  සිට දිවයිනේ තවත් ප්‍රධාන දුම්රිය ස්ථාන රැසකට ව්‍යාප්ත කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඔහු කියා සිටියේ ප්‍රවාහන සේවාවන් විධිමත් කිරීමේ සහ මගී පහසුව සැලසීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙන බවයි. 

මේ අනුව ලබන 25වනදා සිට බදුල්ල, ඇල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, නානුඔය සහ හැටන් යන දුම්රිය ස්ථානවලින් මුදල් ආපසු ලබාගැනීමේ පහසුකම හිමිවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

මීට අමතරව අනුරාධපුරය, යාපනය සහ මඩකලපුව යන දුම්රිය ස්ථානවලද නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම සේවාව ආරම්භ කෙරෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)