රටපුරා ආපදාවට පත් ජනතාවට සෞඛ්‍ය සහන ලබාදීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
විපතට පත් ජනතාවට අවශ්‍ය ක්ෂණික ජීවිතාරක්ෂක සේවා සහ වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් රට පුරා සියලුම දිස්ත්‍රික්ක සහ රෝහල් ආවරණයවන පරිදි වෛද්‍ය කණ්ඩායම් ගණනාවක්, සහායක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ඖෂධද සමඟ පැය 24 පුරා අඛණ්ඩව සූදානමින් සහන සේවාවන්හී නිරත වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ආපදාවට පත් ජනතාවට අවශ්‍ය වෛද්‍ය සහාය ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්ද හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව 0774506602 දුරකථන අංකය හරහා ආපදා තත්ත්වයට මුහුණදී සිටින ජනතාවට අවශ්‍ය ඕනෑම වෛද්‍ය සහයක් ලබාගත හැකි බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
