20 December 2025

logo

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් කොටුවෙයි



රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමක් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයෙක් පානදුර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි. 

මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකරට ලද තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ජාවාරම් සඳහා යොදාගත් ජංගම දුරකථන 5ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

(colombotimes.lk)