19 December 2025

logo

පාලන මිල නොතැකූ වෙළෙඳසැල් දෙකකට දඩ



පාලන මිල ඉක්මවා දේශීය ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටිය පල්ලේගම ප්‍රදේශයේ වෙළෙඳසැල් 02කට රුපියල් ලක්ෂ 2ක දඩ මුදලක් අද (19) නියම කර තිබෙනවා. 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ලද පැමිණිල්ලක් මත අදාළ වෙළෙඳසැල් වටලා එහි හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවයි. 

එහිදී අදාළ වෙළෙඳසැල් හිමිකරුවන් දෙදෙනා සිදු කළ වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 02ක දඩ මුදලක් නියම කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 

(colombotimes.lk)