19 December 2025

logo

පුස්සැල්ලාව නගරයේ වෙළෙඳසැල් 7ක පුද්ගලයන් ඉවත් කරයි



ගම්පොළ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙළෙඳසැල් 7ක් අද (19) වසා දමා එහි සිටි පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

ඒ නායයෑමේ අවදානමක් හේතුවෙන්. 

එම වෙළෙඳසැල් තුළ එක්වරම ඉරිතැලීම් ඇති වී ඇති අතර මේ හේතුවෙන් වෙළෙඳසැල් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. 

Colombo Times අප වාර්තාකරු සඳහන් කළේ මෙම අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් වෙළෙඳසැල්හිමියන් සහ ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගත් බවයි. 

අයහපත් කාලගුණය හේතුවෙන් පුස්සැල්ලාව නගරයට ආසන්නයේ පිහිටි සෙන්කුවාරි වත්තේ උඩ කොටසේ පොළොව ඉරිතලා නායයෑමේ අවදානමකට ලක්වී තිබෙනවා.





(colombotimes.lk)