ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) රෝහල්ගත කර තිබෙනවා.
ඒ, උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ඇතිවූ රෝගී තත්ත්වයක් මතයි.
එරට ගැලිලේ ප්‍රදේශයේ සිය පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගත කරමින් සිටියදී 73 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා මෙලෙස රෝගී වී ඇති බව සඳහන්.
ඒ අනුව විජලන තත්ත්වයක් හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා එරට ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බව රෝහල් බලධාරීන් සඳහන් කර තිබෙනවා.
බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ, ඊයේ (15) දිනයේ තමා දැඩි ලෙස හිරු එළියට නිරාවරණය වූ බවත් හිස්වැසුමක් හෝ පැළඳ නොසිටීම හේතුවෙන් මෙලෙස රෝගී තත්ත්වයට පත්වන්නට ඇති බවයි.
(colombotimes.lk)