21 December 2025

logo

ආධාර රැගත් රුසියානු ගුවන්යානයක් ශ්‍රී ලංකාව බලා පිටත් වෙයි



දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් රුසියානු මානුෂීය ආධාර රැගත් ගුවන් යානයක් ශ්‍රී ලංකාව බලා පිටත්වී තිබෙනවා. 

මානුෂීය ආධාර ටොන් 35ක් රැගත් ගුවන්යානයක් අද (10) අලුයම පිටත්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

2004 වසරේ ඇති වූ සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණුතම ස්වාභාවික විපත වූ 'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පුද්ගලයන් 639දෙනෙක් මිය ගිය අතර ජනගහනයෙන් 10%කට පමණ බලපෑම් එල්ල වී තිබෙනවා. 

(colombotimes.lk)