15 July 2025

logo

ඉන්ධන රැගත් බවුසරයක් ප්‍රපාතයකට පෙරළෙයි (PHOTOS)



හපුතලේ - බත්ගොඩ ප්‍රදේශයේදී ඉන්ධන රැගත් බවුසරයක් අද අළුයම ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. 

එහි රියදුරු සහ සහයකයා තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වනවා. 
 
ඉන්ධන ලීටර් 33,000ක් රැගත් මෙම බවුසර් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 
 
මෙම බවුසරය නිවසක් මතට පෙරළී නිවසටද දැඩි හානි සිදුව තිබෙන අතර නිවැසියන්ට හානියක් සිදුව නොමැති බව පොලිසිය සඳහන් කළා. 
 
මෙම බවුසරයෙන් ඉන්ධන කාන්දුවෙමින් පවතින අතර ඒවා එක් රැස් කර ගැනීම සඳහා ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වනවා.
(colombotimes.lk)