30 October 2025

logo

සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන පුළුල් සාකච්ඡාවක්



මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් සැලසුම් සකස් කර ගැනීම සඳහා වන 'ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව' රැස්වී තිබෙනවා. 

ඒ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදීයි. 

ජනතාවට ගුණාත්මක, ඵලදායී, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සහ ඉදිරි කාලයේ මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් විය යුතු ආකාරය පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. 

මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. 

පසුගිය අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුදල් නියමිත ආකාරයෙන් යොදවා ඇද්ද යන්න පිළිබදවත්, ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්වන මුදල් නිසි සැලසුමකට අනුව යෙදවීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමුවී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)