විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන 'රටම එකට - ජාතික මෙහෙයුමට' සමගාමීව දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්.
එලෙස හඳුන්වා දුන් '1818'යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මහජනතාවට දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදාහැරීම හෝ ඒ ආශ්‍රිත සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.
(colombotimes.lk)
