07 January 2026

logo

ලූවර් කෞතුකාගාර කොල්ලයට සම්බන්ධ තවත් 05ක් අල්ලයි



ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාර කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවන් 05දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අත්අඩංගුවට ගැනීම් ඊයේ (29) රාත්‍රියේදී පැරිස් කලාපයේදී සිදු වී ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රධාන සැකකරුවෙක් ද සිට තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට පෙර සැකකරුවන් දෙදෙනෙක්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ලද තොරතුරු මත මෙම නව අත්අඩංගුවට ගැනීම් සිදු කළ බවයි. 


(colombotimes.lk)