නොරෝච්චෝල නාරක්කල්ලිය ප්‍රදේශයේදී වෙරළට පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මරණයට පත් වූ ධීවරයන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.
පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසන්න අප්පුහාමි පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කළේ එම ධීවරයන්ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා වැඩිදුර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.
එමෙන්ම මරණයට පත් වූ ධීවරයන් දෙදෙනා පානය කළ ප්ලාස්ටික් බෝතලයේ අඩංගු දෑ මොනවා දැයි සොයා බැලීමට අදාළ බෝතලයේ අඩක් තිබූ ද්‍රාවණය ද රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කර තිබෙනවා.
(colombotimes.lk)
