12 March 2025


ළිඳකින් අවි ආයුධ තොගයක් හමුවෙයි



පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක අතහැර දැමූ ළිඳක තිබී ජාත්‍යන්තරව නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු අවි තොගයක් කඩුවෙල පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ කඩුවෙල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

පොලීසිය සඳහන් කළේ ජාත්‍යන්තරව නිෂ්පාදිත පිස්තෝලයක්, පිස්තෝලයේ උණ්ඩ 143ක්, රිවෝල්වරයක් සහ රිවෝල්වර උණ්ඩ 09ක් සොයා ගත් බවයි.

අඩි 45ක ළිඳ තුළ පොලිතීන් බෑගයක ආවරණය කර තිබියදී අද මෙම ආයුධ සොයා ගෙන තිබෙනවා.

කඩුවෙල පොලීසිය සඳහන් කළේ සැකකරුවන් පිළිබඳ තොරතුරු තවමත් සොයාගෙන නොමැති බවයි.

(colombotimes.lk)