වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත් තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.
ඒ අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
අමාත්‍යවරයා සඳහන් කළේ පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, හිටපු ජනාධිපති ද ඊට අදාළ නොවන බවයි.
කවුරුන් හෝ වරදක් කර ඇත්නම් නීතිය ඉදිරියට ඔවුන්ව ගෙන ඒමට පසුබට නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට සිදුවෙමින් ඇත්තේ එලෙස වැරදි කරන පිරිස් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ඒම බවයි.
ආණ්ඩුව රට භාරගන්නා අවස්ථාවේ ආර්ථික බංකොළොත්භාවයක් පමණක් නොව සමාජ, දේශපාලනික වශයෙන් රට බංකොළොත් වී සිටි බවත් සමාජ පරිහානියට ලක්වෙමින් තිබූ රටක් ජාතික ජන බලවේගය භාරගත් බවත් අමාත්‍යවරයා කියා සිටියා.
(colombotimes.lk)