කළුතර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා ඊයේ (23) රාත්‍රියේ සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා තිබෙනවා.
ඒ වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේ විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටින අතරතුරදීයි.
පොලීසිය සඳහන් කළේ අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහු කළුතර රෝහලට ඇතුළත් කිරීමට යාමේදී තත්ත්වය බරපතල වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට යවා ඇති බවයි.
අදාළ අනතුරට සම්බන්ධ වෑන් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට තිබෙනවා.
(colombotimes.lk)