24 August 2025

logo

මේ මාසය අවසන්වීමට පෙර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල්



මෙම මාසය අවසන්වීමට පෙර මේ වසරේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මුදල් නිකුත් කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් සම්පත් මන්ත්‍රීනායක සඳහන් කළේ රුපියල් මිලියන 700ක් පමණ මේ වන විට නිකුත් කර ඇති බවයි.

එමෙන්ම මුදල් ලැබී ඇති ප්‍රාදේශීය ලේකම්වරුන් අදාළ සංවර්ධන ව්‍යාපෘති කඩිනම්න් ආරම්භ කර ඇති අතර මේ වන විට රුපියල් මිලියන 100 කට වැඩි ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)