24 August 2025

logo

දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි



කොළඹ කොටුව සිට මන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඒ මැදවච්චිය, යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදීයි.

පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා දුම්රිය ගේට්ටුවෙහි තාවකාලික ගේට්ටු මුරකරු වශයෙන් රාජකාරි යෙදී සිටියදී මෙලෙස ආනතුරට ලක්වී ඇති බවයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 34ක් වන මැදවච්චිය, යකාවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

(colombotimes.lk)