24 August 2025

logo

දෙස් විදෙස් සංචාරකයින්ට වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ ආපන ශාලාවක් වටලයි



විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අධික මිල ගණන්වලට භාණ්ඩ අලෙවිකළ ආපන ශාලාවක් වටලා තිබෙනවා.

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පුත්තල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීය.

රුපියල් 130 පාලන මිළට අලෙවි කළ යුතු ලීටර් එක හමාරේ පානීය ජල බෝතලයක් රුපියල් 200ක අධික මිළකට අළෙවි කර ඇති අතර ලීටර් එක හමාරේ පානීය ජල බෝතලයක් සඳහා රුපියල් 70කට වැඩි මුදලක් වැඩිපුර අයකර ගෙන ඇති බවද එම ආපන ශාලාව පරික්ෂා කිරීමේදී නිලධාරීන්ට අනාවරණය වී තිබෙනවා.

(colombotimes.lk)