03 January 2026

logo

පෙන්ටගනයේ බුද්ධි අංශ ප්‍රධානී එම තනතුරින් පහ කරයි



පෙන්ටගනයේ බුද්ධි අංශ ප්‍රධානී ලුතිතන් ජෙනරාල් ජෙෆ්රි කෘෘස් එම තනතුරින් පහ කිරීමට අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන තුනකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධ බුද්ධි අංශ වාර්තාවක් මාධ්‍ය වෙත කාන්දු වීමේ සිදුවීම මෙයට හේතු වී ඇති බවට සැලකෙන බවයි.

කෙසේ වෙතත් මේ වන තෙක් එම ඉවත්කිරීම සම්බන්ධයෙන් නිශ්චිත හේතු දැක්වීමක් සිදු කර නොමැත.

(colombotimes.lk)