15 July 2025

logo

රුසියානු තානාපතිගෙන් ලෝකයට අභියෝගයක්



යුක්‍රේනය ඇතුළු බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව යුද ගැටුමක් ආරම්භ කළහොත් දෙවන ලෝක යුද සමයේ මෙන්ම තමන් ඔවුන් පරාජය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan Dzhagaryan මහතා පවසනවා. 

දෙවන ලෝක යුද සමයේ යුද වැදි මියගිය රුසියානු රණවිරුවන් සිහිකරමින් ඊයේ කොළඹ මහජන පුස්තකාලය අසල පිහිටි යුද ස්මාරකයේදී පැවති සැමරුමට එක්වෙමින් තානාපතිවරයා මේ බව සඳහන් කළා. 
 
කොළඹ රුසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා එක්වුණා.
(colombotimes.lk)