08 November 2025

logo

පා පැදියක ගමන් කළ දරුවෙක්ට දිවි අහිමි වෙයි



පා පැදියක ගමන් කළ දරුවෙක් ලොරි රථයක ගැටීමෙන් මියගොස් තිබෙනවා.

ඒ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙට්ටුමකඩ හන්දිය අසලදීයි. 

ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථය ඊයේ (07) රාත්‍රියේ ගමන් කිරීමේදී මෙලෙස මාර්ගය හරහා පා පැදිකින් ගමන් කළ දරුවාගේ ගැටී තිබෙනවා. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු‍ 11ක් වූ කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක්. 

මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

(colombotimes.lk)