වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විදේශගත වීම හේතුවෙන් ඔහු නැවත මෙරටට පැමිණෙන තුරු ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)
