ජාතික තරුණ සේවා සභාව සහ ඊට අනුබද්ධිත ආයතනවල පසුගිය කාලයේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට විශේෂ කෝප් අනු කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ පසුගියදා රැස්වූ COPE කමිටු රැස්වීමේදීයි.
එහිදී 'Smart Youth' ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංග වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 188ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින නිකුත් කිරීම පිළිබඳව විමසීමට තරුණ සේවා සභාවේ හිටපු සභාපති පසිඳු ගුණරත්න කෝප් කමිටුවට කැඳවා තිබෙනවා.
එමෙන්ම තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා නිලධාරීන්ට බලපෑම් කළ බවද එම සභාපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට එම තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් නොමැති බවද එම කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මීට අමතරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් මුදල් අවභාවිතා කළ බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා.
කෝප් සභාපතිවරයා විසින් සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය සේවකයන් ලෙස තමන්ගේ රාජකාරිය නිවැරදිව ඉටු කරමින්, තම ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙසයි.
(colombotimes.lk)