රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් එක් පුද්ගලයෙක්ව අද (22) නිදහස් කර තිබෙනවා.
රුපියල් මිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ තවත් පුද්ගලයෙක් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මාස 06ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කළා.
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ දඬුවම් කාලයෙන් පසුව ඔවුන් දෙදෙනාව අද මුදා හැරිය බවයි.
(colombotimes.lk)