23 February 2025


දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්



දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරුවරිය මුර්දු ප්‍රනාන්දු විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා.

එහි සභාපති ධූරය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන විසින් දරන බවයි වාර්තා වන්නේ.

යසන්ත කෝදාගොඩ, ඒ. එච්. එම්. ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුල යන අය සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කර තිබෙනවා.
 
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් එළඹෙන සඳුදා (24) උදෑසන 9.30ට කැඳවීමට නියමිතයි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.

(colombotimes.lk)