23 February 2025


ඉන්දු - ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ඇරඹෙයි



තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු - ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා ක්‍රියාත්මක මෙම බෝට්ටු සේවාවේ පළමු බෝට්ටුව මාස 02කට වැඩි කාලයකට පසු අද (22) කන්කසන්තුරේ වරායට ළඟාවී තිබෙන බවයි වාර්තා වන්නේ.

නාගපට්නම් වරායෙන් පිටත් වූ මෙම බෝට්ටුවේ මගීන් 83දෙනෙක් සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මෙම බෝට්ටු සේවාව අඟහරුවාදා හැර සතියේ සෑම දිනකම ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මෙය පසුගිය වසරේ නොවැම්බර් මාසයෙන් පසු තාවකාලිකව නතර කර තිබෙනවා.

(colombotimes.lk)